Friday, September 7, 2012

මෙහෙම ගියහම කොහොම වේවිද?

කැම්පස් කෙරුවාවට select වෙච්ච අපි දැන් ඔහේ බෝක්කු උඩ කාලේ කන්නේ බඩගින්නටද, නැත්නම් වෙනේ මොකක් හරි නිසාද, කියන්න නම් මට නොතේරේ, මොනවා වුනත් කැම්පස් select ය... කැම්පස්ද ගියෙමු... ගිහින් අතල් එකේ කාලයක් හිට්යෙමු. දැන් කැම්පස් එකේ මතක නැත... ඒ මාස ගානක් ගෙදෙට්ටම නාකි වූ නිසාය වෙන්ට ඇතිය. නාකි වීමේ සීමාවක් නැත... ඔරලෝසු කට්ට කැරකෙන්නේ මෝටරයක් හයි කෙරුවා සේය. දැන් මුහුණත් රැලි වැටි ගෙන එයි.... බදින්නද අම්බානෙකට පරක්කුවෙනේ පාටක් ඇත.. ඔහම ගෙදෙට්ටම වෙලා පජාත වෙනකොට ගෙදෙරින්ද ලෙඩේ පිට ලෙඩේ වැටේ.

"ඔන්න ඕක ඇත ඇරලා ජොබ් එකක් හොයාගනින්"
ඒ අම්මගේ අදහසය 'මොන ජෝබ්ද?' කියල උත්තර දිදී හිටියත් දැන් අපිටම එපා වී ඇත. මොකක්හරි පොඩි course කට්ටක් මේ කලේ කරන එක ඇගට හොදය කියා හිතෙන්ට පටන්ගෙන ඇත එහෙම හිතන් අපි ඒකා දෙන්න සල්ලි දීල එක එක course වලට register වුනෙමු....

උඩින් පල්ලෙන් මොකක් හරි අටවා ගන්න එපාය safety යට එහෙම කියල ගත්තට course එකේ ටික කාලෙකින් පට්ටෙට නැගල යයි දැන් ඉතින් සිහිය course එකේය මේකේ කොහම හරි ඉවරකරලා ජොබ් කට්ටක් හොයාගන්නකන් විසුමක් නැත.

ජොබ් එකක් එහෙම නැතුව මාමණ්ඩිගෙන් දූ ඉල්ලනවා බොරුය දැන් course එකෙත් ඉවරය.. ජොබ් එකත් setය... එල කිරි වගේ සැලරියකුත් ඇත...

මාම දු ගෙදෙට්ටම ගෙනල්ල් දී අහවරය. සතුටේ නිමක් නැත... මේ life එක පට්ටය පිය පදවිය සෙට් වෙන්න වැඩි කල් ගියේ නැත කිරි බිබී හිටි පොඩි එකා බලන් ඉන්න විටම උසමහත් විය අකුර අකුර පටලවල 'අම්ම' 'තාත්ත' කියපු එකාට දැන් හෝඩි පොත කියා දීමට කලේ හරිය එකත් කොට අහවරය...

දැන් මේක ජනප්‍රිය ඉස්කෝලෙකට යැවිය යුතුය අවුලක් නැත.. මගේ එකටම මු යවත හැකිය ලිය කිවිලි ටික සිරාවටම ඇත ඉතින් බයක් නැත
application දාන කලෙත් හරිය ඔන්න එකත් ගොඩ වී interview එකත් කොහම හරි සෙට් විය දැන් interview එකේ අවසාන හරියය "Mr . ........ මේ school එකේ study කරන්න term එකකට Rs. *,***,000 ගෙවන්න ඕනේ "

"මොකා? ඇයි ඔයි මේක දැන් රජයේ පාසලක් නෙවිද?"

" රජයේ පාසල්?, ඒක අපේ හෝඩියෙන් අයින් කරලා ගොඩක් කල් මහත්තයා"

"එතකොට නිදහස් අධ්‍යාපනය?"

"විහිළු කරන්න එපා මහත්තයා......."

සරසවි සිසුන් ගැන විකුර්ති මතයක් පවතින සමාජයකට යථාර්තය අවබෝධ කරනු වස්...
We at Campus

0 comments:

Post a Comment